අවසන් තරඟයේදී රංගන වාර්තා අතරට

Share

සිය අවසන් ජාත්‍යන්තර තරඟයට ක්‍රීඩා කරන වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වාර්තාවක් පිහිටුවීමට සමත්විය.

ඒ එක් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් කඩුලු 100ක් දවාගත් ලොව තෙවැනි පන්දු යවන්නා බවට පත්වෙමිනි.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අද(06) පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ කාසිය වාසිය හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව එංගලන්ත නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

මේ වනවිට පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 113ක් රැස් කරගෙන සිටියි.

Read more

Local News