මධ්‍යම කදුකරයට මිදුම් තත්ත්වයක් – රථ වාහන ගමනා ගමනයට බාධා

Share

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පස්වරුවේ පවතින සුළු වර්ෂාපතනයත් සමඟ ඝණ මිදුම්
තත්ත්වයක් ඇති විම හේතුවෙන් රථ වාහන ගමනයට දැඩි බාධා පැමිණ තිබේ.

හැටන් කොළඹ ප්‍රධාන මර්ගයේ කිතුල්ගල සිට නුවරඑලිය දක්වා ඊයේ(06) පස්වරු 3 සිට අද(07) අලුයම තෙක් මෙම ඝණ මිදුම් තත්ත්වය පැවතිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට දැඩි බාධා පැමිණ අැත.

ප්‍රධාන මාර්ගවල ඝන මිදුම් තත්ත්වයක් පවතින අවස්ථාවල එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේදි වාහනවල ඉදිරිපස
ලාම්පුව දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම ඝණ මිදුම් තත්ත්වය පවතින අවස්ථාවල ප්‍රතිවිරුද්ධ දෙසින් ඉදිරියට ධාවනය වන වාහන නොපෙනෙන තත්ත්වයට මෙම ඝන මිදුම් තත්ත්වය ඇතැම් ස්ථානවල පැවතිය හැකි බවයි අප වාර්තාකරු කියා සිටියේ.

Read more

Local News