ඉඩමට පෙම් බැඳි පුතා පොරවෙන් ගසා පියා මරයි

Share

වාරියපොළ, කොස්වත්තාපිටිය ප්‍රදේශයේදී පොරවකින් පහරදී පුතා විසින් සිය පියා ඝාතනයට ලක් කර තිබෙන බව පොලිසිය සඳහන් කළේය.

ඝාතනයට ලක්ව ඇත්තේ 63 හැවිරිදි කොස්වත්තාපිටිය මලගනේ පදිංචි පුද්ගලයෙකි.

ඉඩම් ආරවුලක් මුල් කර ගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඝාතනය සිදුකළ සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත. වාරියපොල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News