දික්වැල්ලේ සැප නිවසේ සුපිරි කුඩු ජාවාරම පොලීසියට මට්ටු වුන හැටි

Share

දික්වැල්ල දොඩම්පහළ පිහිටි සුඛෝපභෝගී නිවසක් වටලා හෙරොයින් ග‍්‍රෑම් 50 ක් සමග 46 හැවිරිදි දෙදරු මවක් සැකපිට අත්අඩංගුවට දික්වැල්ල පොලිසියේ විශේෂ වැටලීම් පොලිස් කණ්ඩායමක් සමත් වී තිබේ.

ඊයේ (6) මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්‍ෂ 15 කට වැඩි බවට වාර්තා වේ.

මොවුන් සුඛෝපභෝගී ලෙස ජීවත් වෙමින් මෙම ජාවාරම කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

මෙම සැකකාරියට මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු 4 ක් හා  ඇයගේ සැමියාට ද මත්ද්‍රව්‍ය නඩු ද තිබෙන බවද පොලිසිය පවසයි.

මෙම මත්ද්‍රව්‍ය විදේශිකයන්ට සහ ධීවරයන්ට ලබාදෙන බවත් ඒ මගින් විශාල මුදලක් ලබා ගන්නා බවත් පොලිසිය පවසයි.

සැකකාරිය පදිංචි නිවස වැටලීමේදී ඇය මත්ද්‍රව්‍ය වැසිකිළියේ සැඟවීමට උත්සාහ දරා තිබේ.

මාතර කොට්ඨාස පොලිස් බල ප‍්‍රදේශයේ මෙතෙක් වැටලූ වැඩිම මත්ද්‍රව්‍ය ප‍්‍රමාණය මෙය වන බවට ද වාර්තා වේ.

Read more

Local News