ජනපති මෛත්‍රී පක්ෂ මාරු කළ ලොව ප්‍රථම ජනාධිපති බව රාජිත කියයි

Share

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පක්ෂ මාරු කළ ලොව ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස දේශපාලන ඉතිහාසයට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රාජිත සේනාරත්න මහතා මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (06) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා වැඩ්දුරටත් පැවසූවේ

“රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කථානායකවරයා විසින් මේ වන විට පිළිගෙන තිබෙනවා. අපගේ ජන අරගලය දිනෙන් දින ජය ගන්නවා.

අපේ පැත්තේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ උත්සාහය අසාර්ථක වෙලා. එම අට්ටාලය හදාගත් නායකයින් සුළු දේශපාලන පක්ෂවල නායකයින්ටත් කථා කරනවා.

එක එක මන්ත්‍රීවරු බිලි බා ගැනීම අමාරු වෙලා. ඔවුන් බංකොලොත් වෙලා. බත්තරමුල්ලේ පසුගියදා පැවැති ජනහමුවට බස් රථ ඇවිත් තිබෙන්නේ 1169 ක් පමණයි.

බුද්ධි අංශ වාර්තාවලට අනුව 30,000 ක් පමණ පිරිසක් ඇවිත් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය පසුගියදා පැවැත් වූ ජන රැළියට සහභාගී වූ ජනගහනයෙන් තුනෙන් එකකටත් වඩා අඩු පිරිසක් තමයි ඇවිත් තිබෙන්නේ.

රාජ්‍ය බලයත් ඔවුන් යොදා ගත්තා. හම්බන්නොටින් ආපු ඇතැම් බස් රථවල හිටියේ 10-15 විතර, ඒ තරමට බංකොළොත් වෙලා.  ජනාධිපතිවරයා එම ධූරයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට මෙහෙවරක් ඉටු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ප්‍රංශය යන රටවල් ඇතුලු ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ ණය සහ ආධාර නතර කර තිබෙනවා.

නීති විරෝධී අග්‍රාමාත්‍යවරයා කිසිදු රටක් පිළිගෙන නැහැ. සුබපැතුම් එක් කර තිබෙන්නේ ලොව දුෂිත රටක් වන බුරුන්දි රාජ්‍ය පමණයි. දුෂිතයින්ට ඔවුන් ගැලපෙනවා’’ බවයි.

Read more

Local News