පාතාලයන්ට සල්ලි දීලා අපිව ඇතුළට දාන්න හදනවා

Share

රටේ පාලකයා ව්‍යවස්ථාව ගනන් නොගෙන ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් වැඩ කටයුතු සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

බහුතරයක් නොමැතිව  අගමැති පත් කර ඇති බවත් ඔවුනට තවමත් 113ක් හදා ගැනීමට නොහැකිවී සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා ඒකාධිපතියකු බව හා  ඔහු දිනුවා නම් තමා ඉන්නේ අඩි 6ක් පොළව යට යැයි කී මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් මහින්ද රාජපක්ෂ ළංකරගෙන ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවේ ජනතාව ගැන සිතිය යුතු බවත්, ඔහු ගොඩනගා ගත් දේශපාලනට විනාශ  කරගෙන සිරිසේන මහතාගේ ව්‍යවස්ථා විරෝධී වැඩ වලට අනුබල නොදිය යුතු බවත්  සරත් ෆොන්සේකා මහතා කීවේය.

‘‘හෙජිං ගිවිසුමෙන් බිලියන 76ක් රටට පාඩු වුණා. ග්‍රීක බොන්ඩ් කියලා බිලියන 7ක් දැම්මා.  ඒ කාලේ ඒවා ගැන කවුරුත් කතා කළේ නෑ. ඒවා වුණේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ. පාලකයා ඒවා ගැන කතා කරන්නේ නෑ.  ‘‘

‘‘නම ගිය පාතාලකාරයෝ කියලා පිරිසක් ඉන්නවා. ඔවුන් සමහරුන් අතීතයේ අහිංසක ජීවත ගත කරපු උදවිය. මාකඳුරේ මදූෂ් කියලා කෙනෙක් ඉන්නවා. ඔහුගේ බයිසිකලයට කකුල යට වුණා කියලා පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ඔහුට නගරය මධ්‍යයේ පහර දීලා තියෙනවා.  ඉන් පස්සේ ගෙදර ඇවිත් උඩට වෙඩි තියලා තර්ජනය කළාලු උඹව මරනවා කියලා. ඉන් පස්සේ ඒ තරුණයා ගල්කටස් එකක් අරං ගිහින් නගරයේදි වෙඩි තිබ්බාලු. අද ඉතා ප්‍රසිද්ධ බරපතල පාතාල නායකයෙක්.  පාතාලේ කියන අය ඒ විදියට තමයි හැදිලා තියෙන්නේ.

මෛත්‍රීපාල මරන්න සරත් ෆොන්සේකා කතා කළා කියලා කියන්න කියලා මෙයාලා  පාතාල නායකයන්ට කතා කරලා තියෙනවා.  දැන් ඒ වෙනුවෙන් ඔවූන්ට මිලියන 3000ක් දෙන බවත් ප්‍රකාශ කරලා තිබෙනවා.   පාතාල නායකයන්ට පවා මිලියන තුන් හාර දහසක් දීලා අපිව කූඩුවල දාන්නයි හදන්නේ. අපිට හිරබත් කාලා පුරුද්ද තියෙනවා. අසාධාරණ වැඩ කරන අයට පැවැත්මක් නෑ. ඒවට මුහුණ දෙන්න අපට ශක්තියක් තියෙනවා.‘‘

ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

 

Read more

Local News