14වනදා ඡන්දය දෙන්නේ කාටද? ජවිපෙ කියයි

Share

ලබන 14 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ විට ස්ථාවර රජයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ බහුතර මතය ප‍්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදීමට කථානායකවරයා ගත් තීරණය අගය කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

කථානායකවරයා මෙම තීරණයට එළැඹියේ ඊයේ (07) පස්වරුවේ පැවති පාර්ලිමේන්තුවේ පක්‍ෂ නියෝජිතයන්ගේ හමුවකදීයි.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඊට ප‍්‍රතිචාර දැක්වූ එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පෙන්වා දුන්නේ “ජනතා විමුක්ති පෙරමුණ මේ කරුණේදි ඉතා පැහැදිළිව කිසිඳු කෙනෙකුට සහය ලබා දෙන්නේ නෑ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරලා මේ සිදු වෙලා තියෙන ව්‍යවස්ථා විරෝධී ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවට එරෙහිව අපේ ඡන්දය අපි පාවිච්චි කරනවා.” යනුවෙනි.

Read more

Local News