එංගලන්ත–ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ තෙවන දිනය අද

Share

ශී‍්‍ර ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අද(08) යි.

ඊයේ දෙවන දිනය සඳහා තරඟය නතර කරන විට දෙවන ඉනිම කී‍්‍රඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 38 ක් රැස් කර ගෙන සිටියේය.

තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යාන්තර කී‍්‍රඩාංගණයේදීයි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 342 කි.

ඊට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 203 කි.

මේ වන විට දෙවන ඉනිම ක්‍රිඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 85ක් රැස්කර ගෙන සිටියි.

Read more

Local News