අක්කර දහසක් එක රැයකින් කන දළඹුවෙක් ලංකාවේ

8

නොසන්සිදෙන කුස ගින්නකින් පෙළෙන “සේනා” නැමති දළඹු විශේෂයක් සිඝ්‍රයෙන් පැතිර යන බවට වාර්තා වෙයි.

මෙම ආක්‍රමණශීලී දළඹු විශේෂයට එක් රැයක් තුළ අක්කර දහසක වගාවක් විනාශ කළ හැකි අතර මෙම දළඹුවන්ගේන් හටගන්නා සළඹයාට දිනකට කිලෝමීටර් 100ක දුරක් සුළං පාර ඔස්සේ පියඹා යෑමට හැකියාව අැත.

වරකට බිත්තර 200ක් පමණ දමන මොවුන්ගේ බෝවීම ඉතාම සිඝ්‍රයෙන් සිදු වේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඊයේ (07) දින පස්වරුවේ අමාත්‍යාංශයේ පැවත්වු ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මෙම කරුණු අනාවරණය වු අතර මේ වනවිට අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක තුනක බහුල වශයෙන් මෙම අාගන්තුකයා ව්‍යාප්ත වී අැති බව අනාවරණය වෙයි.

මෙම දළඹු විශේෂය මර්දනය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වහාම ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය නිලධාරීන් හට උපදෙස් ලබා දී අැති අතර කෘමිනාශක යෙදීම මේ වන විට ආරම්භ කර ඇත.

සේනා දළඹුවා කුඩා කාලයේ කොළ පැහැති වන අතර පසුව දුඹුරු පැහැයට හැරේ. සිරුර පුරාම ඉදිමුණු බිබිලි වැනි ලක්ෂණ ඇති අතර හිසෙහි යටිපැත්තේ සුදු පැහැයෙන් “‍ය්” අකුරට සමාන හැඩයකින් යුතු සලකුණක් ඇත.

මෙම අාක්‍රමණිකයා නයිජීරියාවෙන් මුලින්ම සොයාගත් අතර මීට මාස තුනකට පමණ පෙර ඉන්දියාවෙන් වාර්තා වී තිබුණි.