විශ්ව සම්භාව්‍ය මාසික සිනමා දැක්ම අද ටවර් හෝල් රඟහලේදී

Share

ටවර් හෝල් රඟහල පදනම විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ‘‘විශ්ව සම්භාව්‍ය මාසික සිනමා දැක්ම‘‘ 2018 අද (08) දින පස්වරු 2.00 ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි සව්සිරිපාය ශ්‍රවණාගාරයේ දී පැවැත්විමට නියම්තව තිබේ.

මෙහිදි ඉතාලි ජාතික සිනමාකරුවෙකු වූ Roberto Benigni විසින් අධ්‍යක්ෂණය කළ ඔස්කාර්, ඇකඩමි ඇතුළු ජාත්‍යන්තර සම්මාන 22 ක් දිනාගත් LIFE IS BEAUTIFUL චිත්‍රපටය නොමිලේ ප්‍රදර්ශනය කිරිමට නියම්ත අතර, චිත්‍රපටය පිළිබඳ විචාරක සංවාදයක් ද පැවැත්වීමට නියමිතව අැත.

මෙම චිත්‍රපට රසවින්දන වැඩසටහන සෑම මසකම දෙවන සතියේ පැවැත්වෙන බව ටවර් හෝල් රඟහල පදනම සඳහන් කර තිබේ.

දැනුම හා රසවින්දනය දියුණු කිරීමේ අරමුණින් නාට්‍ය හා රංගකලාව හදාරන විද්‍යාර්ථීන්, සිනමා රසවින්දනය පිළිබඳ උනන්දුවක් දක්වන විශ්ව විද්‍යාල සිසුන්, පාසල් සිසුන් ඇතුළු තරුණ පරපුරේ අධ්‍යාපනය ඉලක්ක කොටගෙන මෙම වැඩසටහන පවත්වනු ලැබේ.

Read more

Local News