අජිත් කියන අලුත්ම කතාව

Share

ජනපතිවරයාට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වසර හතර හමාරක කාලයක් ගතව යාමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූවේ අද (08) අරලියගහ මන්දිරයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්ය.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) දින පාර්ලිමේන්තුවේ දී පක්ෂ නායක රැසවීමක් පැවැත් වූ අතර එහිදි නොවැම්බර් මස 14 වන දින ස්ථීර වශයෙන්ම ඡන්දයක් පැවැත් වෙන බවට කථානායකවරයා විසින් නිවේදනයක් නිකුත්කර තිබෙන බවත්, එසේ වුවද අද වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක් පවතින බවද කියා සිටි මන්ත්‍රීවරයා ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි වුවත් 19 වන සංශෝධනය තුළින් එවැනි බලතළ හිමි වී නොමැති බවත් වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News