ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා මධ්‍යම කාරක සභාවට ඉහළින් 15 දෙනෙකුගෙන් සමන්විත නව දේශපාලන මණ්ඩලයක් පිහිටුවිමට තීරණය කර තිබේ.
මීට අමතරව පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඇතුළු කරුණූ කිහිපයක් සාකච්ඡා වූ බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) අපේ ගම පරිශ්‍රයේදී රැස් වූ සමස්ත ලංකා කාරක සභාවේදී එම යෝජනාව සම්මත වී ඇති බව වාර්තා වේ.
මැතිවරණයක් පැවැත්විම හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමක් හෝ ජනමත විචාරණයක් ක්‍රියාත්මක නොකරන බව ජනාධිපතිවරයා එහිදී සහිතක වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළේය.