CID  ඇවිත් හැරිලා ගියපු ඔනිලාට අධිකරණයෙන් නියෝගයක්

Share

රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමති රවී කරුණානායක මහතාගේ දියණිය වන ඔනිලා කරුණානායකට දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග නිකුත් කර තිබේ.

සියලු ලේඛන සහිතව ලබන සදුදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි ඒම නියෝගය සිදු කර ඇත.

මහබැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ප්‍රකාශ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ට හිටපු ඇමැති රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ඔහුගේ දියණිය වන ඔනිලා කරුණානායක ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට රහස් පොලීසිය දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව පසුගිය පස්වනදා ප්‍රකාශයක් ලබාදීමට ඇය රහස් පොලිසිය වෙත ගිය බවත් ඇය සමඟ ඇගේ නීතිඥවරුන්ට රහස් පොලිස් කාර්යාලය තුළ යාමට අවසර නොදීම හේතුවෙන් තම සේවාදායිකාව ආපසු හැරී පැමිණි බව ද ඇයගේ නීතිඥවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිලි කර සිටියේය.

එවිට රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ එදින පෙරවරු 9.30 ප්‍රකාශ ලබා දීම සඳහා පැමිණෙන මෙන් ඔනිලකරුණානායක නමැත්තියට දැනුම් දී තිබුනු බවයි.

එහෙත් ඇය එදින පෙරවරු 9.08 ට රහස් පොලිස් කාර්යාලයට පැමිණ ආපසු හැරී ගොස් තිබූ නිසා ප්‍රකාශය සටන් කර ගැනීමට නොහැකි වූ බව රහස්  පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඔනිලා කරුණානායක නමැත්තියට සියලු ලේඛන සමඟ ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන සඳුදා අධිකරණය හමුවේ පෙනී සිටින්නේ නියෝගයක් නිකුත් කළේය.
 

Read more

Local News