වත්මන් දේශපාලන අර්බුදයට හොඳම විසදුම ගම්මන්පිල කියයි

Share

ජනපතිවරයා සතු විශේෂ බලතල භාවිතා කර පාර්ලිමේන්තුව විසුරුවා හැර පරමාධිපත්‍ය බලය ඇති ජනතාව ලවා අගමැතිවරයෙක් තෝරා පත්කර ගැනීම රටේ පවතින අර්බුදයට ඇති හොඳම විසඳුම බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන උපයෝගී කරගනිමින් වත්මන උද්ගතව තිබෙන අගමැති ගැටලුව අවසන් කිරිම සදහා ජනාධිපතිවරයා පියවර ගතයුතු යුතු බවයි.

ඒ මහතා මේ බව පැවසූවේ පිටකෝට්ටේ පක්ෂ මුලස්ථානයේ අද (09) පැවති මාධ්‍ය හමුවකදීය.

එසේම කථානායකවරයා විසින් ලබාදුන් ලිඛිත ප‍්‍රකාශයේ ”ජනපතිවරයා විසින් නව අගමැති පත් කිරිම පිළිගත නොහැකි” යැයි සදහන් කිරිම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තරමි සුවිශේෂී අර්බුදකාරි අවස්ථාවක් උදා කර අැති බවට ගම්මන්පිල මහතා පැවසීය.

 

Read more

Local News