ශ්‍රී ලංකාව ලකුණු 75යි

Share

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර පළමු එක්දින තරඟය මේ වන විට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙමින් පවතී.

ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පැමිණි පාකිස්තානු කණ්ඩායම පන්දු වාර 50 තුළ ක්‍රිඩකයින් 6 දෙනෙකු දැවී ලකුණු 292ක් රැස් කර ගැනීමට සමත් විය.

ඒ අනුව 293ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ක්‍රිඩකයින් 5 දෙනෙකු දැවී ලකුණු 75ක් ලබා ගෙන සිටියි. ඒ පන්දු වාර 18ක් තුළය.

ලහිරු තිරිමාන්න පන්දු 32කදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 21ක් සහ තිසර පෙරේරා පන්දු 7කදී හතරේ පහරක් සමගින් ලකුණු 7ක් ලබා මේ වන විට පන්දුවට පහර දෙමින් සිටියි.

 

Read more

Local News