එජාප අගමැති අපේක්ෂකයා ඉදිරියේදි හෙළි කරන බව මද්දුමබණ්ඩාර කියයි

Share

රටතුල උද්ගත වි තිබෙන දේශපාලන ව්‍යාකූල තත්ත්වය හමුවේ සිය රට ශක්තිමත් කිරිම සදහා එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයකු නුදුරේදීම පත් කරනු ලබන බව හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) දින ගෙලිඔය නගරයේ පැවැති විරෝධතාවයකට සහභාගිවෙම්නි.

එහිදි මද්දුම බණ්ඩාර මහතා වැඩ්දුරටත් පැවසුවේ “මෛත්‍රිපාල මේ පාර්ලිමේන්තුව  විසිරෙව්වෙ එයාලට පාර්ලිමේන්තුවේ 113 ක් නැති නිසා. නීති විරෝධි ව්‍යවස්ථා විරෝධි අගමැති මැති ඇමැතිවරු පත් කරළ බැරිම තැන ආණ්ඩුව විසිරෙව්වා. අපි මේ සම්බන්ධව අධිකරණයට යනවා. අද හොරු අල්ලන්න ආපු මෛත්‍රී හොරුත් එක්ක එකතුවෙලා. අපිට වසර 3ක් ගියත් හොරු අල්ලන්න ඉඩ දුන්නෙ නෑ. හෙට අනිද්දම අගමැති අපේක්ෂකයා නම් කරනවා.” බවයි.

Read more

Local News