රන් මිල අඩු වෙයි

Share

වසර 6 කින් ඉහළම අගයන් සළකුණු කළ ලෝක වෙළඳපොලේ රන් මිල ගතවු සතිය තුළ කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බව වාර්තා වේ.

පසුගිය සති 6 තිස්සේ දක්නට ලැබුණේ රන් මිලෙහි වර්ධනයක් වන අතර එහෙත් මේ සතිය තුළ රන් මිල පසුගිය අගෝස්තු මාසයෙන් අනතුරුව වාර්තාවූ ඉහළම මිල පහත වැටීම සළකුණු කර තිබේ.

රන් අවුන්සයක මිල දැන් සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1218 ක් ලෙස වන අතර සතියක් තුළ රන් මිලෙහි පහත වැටීම සියයට 1.2 කට ආසන්නයි.

ඊට අමතරව ලෝක වෙළඳපොලේ රිදී මිලද පහත වැටී ඇති අතර, ප්ලැටිනම් මිල ගතවූ සතිය තුළ සියයට 1.2 කින් පහත වැටී ඇති බවද වාර්තා වේ.

Read more

Local News