හිටපු කථානායකගෙන් නිවේදනයක්

Share

කුමන තරාතිරමක වුවද කවුරුන් විසින් හෝ දෙනු ලබන විධායක තීන්දු ප්‍රතික්ෂේප කරන ලෙස සියලු රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටින බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ නිවේදනයක් නිකුත් කරමින්ය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසූවේ පක්ෂ දේශපාලනය හෝ පුද්ගල සැබැදියාව නොතකා ප්‍රජාතන්ත්‍රන්වාදයේ සුරක්ෂිත භාවය උදෙසා කටයුතු කිරිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිය වගකීම් දරන්නා වූ සියළු පුද්ගලයින්ගේ යුතුකමක් වන බවයි.

එහි වැඩ්දුරටත් සදහන් වන්නේ මහජනතාව තමන් නියෝජනය කිරීම සඳහා තෝරා පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැරගැනීමක් තමන් නිරික්ෂණය කළ බවයි.

තවද පාර්ලිමේන්තුව ඕනෑකමින්ම නොසලකා හැරිම ජනතා නිදහස සහ අයිතියට බරපතළ අවධානමක් වනු ඇති බව ද හිටපු කථානායකවරයා අදාළ නිවේදනය මඟින් පෙන්වා දී තිබේ.

Read more

Local News