අධික වේගෙන් අා ත්‍රිරෝද රථය ප්‍රපාතයට

Share

තලවකැලේ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100 පමණ ප්‍රපාතයකට  පෙරළී අනතුරක් සිදුවී අැති බවට වාර්තා වෙයි.

ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා ඇතුළු තවත් දෙදෙනෙකු නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

අද(12) උදැසන 8.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය ග්‍රින්හුඩ් ප්‍රදේශයේදිය.

අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථය වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබඳ පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පැවසුවේ.

අනතුරෙන් ත්‍රිරෝද රථයට ද දැඩි අලාභ හානි සිදු වි ඇත.

Read more

Local News