ජනපති විශේෂ ප්‍රකාශයක් කිරීමට හේතුව මහින්ද කියයි

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ(11) විශේෂ ප්‍රකාශයක් කිරිමට ප්‍රධානතම හේතුව වුයේ කථානායකවරයාගේ හැසිරිම බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

අද(12) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා මේ බව පැවසීය.

කථානායක කරූ ජයසූරිය මහතා විසින් නිවේදන නිකුත් කරමින් හැසිරුණු ආකාරය පිළිගත නොහැකි බවත්, එතුමා ව්‍යවස්ථා විරෝධි ලෙස හැසිරුණු බවද අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා විසින් ගත් තීරණය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සිදු කිරිමේදි එතුමා ඉවසමින් සිටින විටදි තව තවත් එවැනිද ක්‍රියාවන් සිදු කරමින් සිටින බැවින් මේ ආකාරයට විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමට ඇති බවද අමාත්‍යවරයා එහිද වැඩිදුරටත් පැවසීය.

Read more

Local News