ශ්‍රිලනිපය අද කොළඹට

Share

විශේෂ සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබේ.

එ් පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

අද (13) පස්වරු 5.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය..

මෙම සාකච්ඡාවේ අරමුණ වි අැත්තේ මහ මැතිවරණය සඳහා තරගවදින ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමයි.

 

Read more

Local News