සෙල්ෆි ඡායාරූපයක් ගනිද්දී ලෝකාන්තයෙන් ඇද වැටුණු ජර්මන් ජාතික කතගෙ මළ සිරුර අද (13) බලන්ගොඩ මූලික රෝහලට ගෙනා බව සමනලවැව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් තිබුණේ ජූරියා එල්ගා නැමැති ජර්මන් ජාතික 35 හැවිරිදි අවිවාහක වෘත්තියෙන් හෙදියක වූ තරුණයකි.
ඇය සිය මිතුරියක වූ රෙවන් හිත් නැමැත්තිය සමඟ නුවරඑළියේ සිට හෝර්ටන්තැන්න සහ ලෝකාන්තය නැරඹීමට පැමිණි අවස්ථාවේ අඩි හාරදහසක බෑවුමක් සහිත ලෝකාන්තයෙන් පහළ වැටී අනතුරට පත්විය.
අනතුර වාර්තාවූ වහාම ඇය බේරාගැනීමට යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසිය, වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගත්ත ද ඒ වනවිට ඇය මියගොස් තිබිණි.