පාසල් නේවාසිකාගාරයක ගින්නක් – 10ක් මරුට

Share

උගන්ඩාවේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුන් දස දෙනෙකු මිය ගොස් අැතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උගන්ඩාවේ රකායි ප්‍රදේශයේ සෙන්ට් බර්නාඩ් ද්විතීක පාසලේ නේවාසිකාගාරයකයි මෙම ගින්න හටගෙන අැත.

සිසුන් විසි දෙනෙකු බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලබා ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන්නේ කිසියම් අයෙකු මෙම ගිනි තැබීම සිදු කර ඇති බවයි .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරියා ඇතුළු පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News