පොදු අපේක්ෂක සාපය ගැන අලුවිහාරේ කතා කරයි

Share

ජනපතිවරණයේදි වෙනත් පක්ෂයකින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිම නිසා එහි ප්‍රතිවිපාක පක්ෂයටත් රටේ ජනතාවටත් විදිමට සිදුව අැති බව මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රංජිත් අලුවිහාරේ මහතා පැවසිය.

අලුවිහාරේ මහතා මේ බව පැවසුවේ මාතලේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමිනි.

ඒ මහතා වැඩිදුරටත්පැවසුවේ, “අපි එක්සත් ජාතික පක්ෂය හැටියට පිටින් හයර් කරන්න ඕන නැහැ. අපේ පක්ෂයේ සුදුසු නායකයෙක් හදා ගන්න ඕන. අපිට හැමදාම පැරදෙන්න බැහැ. අපේ පක්ෂයේ කෙනෙක් දාලා අපි ජයග්‍රහණය කරන්න ඕන. නැතුව වෙන පක්ෂවල අය හයර් කරලා ඒ අයට තනතුරු අරන් දිලා වැඩක් නැහැ. නායකත්වය මේවා තේරුම් ගත යුතුයි. අද වනවිට අධිකරණය අපේ යහපාලන ආණ්ඩුව විසින් ස්වාධින කළා.

මේ දවස් කිහිපයේදි රටේ නම වැනසුනා.මොන ආණ්ඩුව ගත්තත් වැඩක් නැහැ.ලංකාව අද වන විට මානව හිමිකම් උල්ලංඝනය කරන රටක් බවට පත්වෙලා තියෙන්නේ . අපි මැතිවරණවල බයක් නැහැ’’ බවයි.

Read more

Local News