හෙට නිසැකවම පාර්ලිමේන්තුව රැස්වෙන බව සූජීව කියයි

Share

හෙට (14) දිනයේ දී නිසැක වශයෙන්ම පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.

කොළඹ පැවැත් වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

අද (13)දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුව මගින් ව්‍යවස්ථාවට උඩින් කිසිවෙකු නොමැති බව ප්‍රකාශ වූ බවත් මෙය සියලු රට වැසියන්ට ව්‍යවස්ථාව හා නීතිය තුළ ජය ගැනීමට හැකි වු අවස්ථාවක් ලෙසත් ඔහු ප්‍රකාශ කළේය.

මෙය පක්ෂ, පාට භේදයකින් තොරව සියලු දෙනාට සතුටු විය හැකි අවස්ථාවක් වන බැවින් මෙම ජයග්‍රහනය දිනා ගැනීමට වෙහෙස වු සියලු දෙනාට ස්තූතිවන්ත වන බවත් සුජීව සේනසිංහ මහතා මෙහිදී වැඩි දුරටත් පැවැසීය.

Read more

Local News