අද ලෝක දියවැඩියා දිනයයි

Share

අද (14) ලෝක දියවැඩියා වන දිනය අතර මෙවර දියවැඩියා දිනයේ තේමාව වන්නේ ‘දියවැඩියාව සහ පවුල’ යන්නයි.

ශ්‍රී ලාංකික වැඩිහිටියන් 12 දෙනෙකුගෙන් එක් අයෙකුටත්, යෞවනයන් 6 දෙනෙකුගෙන් එක් අයෙකුටත් දියවැඩියා අවධානම් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දි තිබේ.

වාර්ෂික සිදුවන මරණ අතරින් සියයට 7ක් දියවැඩියාව නිසා සිදු වන අතර මෙම තත්ත්වය වැළැක්වීමට සහ පාලනය කිරීමට ක්‍රියා මාර්ග වශයෙන් මේවන විට ක්‍රියාත්මකවන ‘සතුටු ගම්මාන’ වැඩසටහන් මඟින් විශාල සේවාවන් ලැබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසීය.

මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයක් පසුගිය දා පැවැත්විණි.

මෙම අවස්ථාවට මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න , බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ තිලක් සිරිවර්ධන, කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන යන වෛද්‍යවරු සහභාගී විය.

Read more

Local News