Tuesday, March 19, 2024.

හෙටත් අගමැති මහින්ද බව දිනේෂ් කියයි

Share

වලංගු භාවයක් නැති පාර්ලිමේන්තුවක ගත් තීරණ සියල්ල වලංගු නැති බව ඒකාබද්ධ විපක්ෂයේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසයි.

කවුරුන් කුමක් පැවසුවද මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිගටම කටයුතු කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

කතානායකවරයා ඒකාධිපතියකු හා විහිලුකාරයකු ලෙස හැසිරෙමින් ගත් සියලු තීන්දු තීරණ නීති විරෝධී බව කී ගුණවර්ධන මහතා ඔහු ආණ්ඩු පක්ෂයේ හඬට කන් නොදී පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදයේ මලගමට රැගෙන යන බවද ප්‍රකාශ කළේය.

කතානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදායට පයින් ගසා රට අරාජික තත්ත්වයට පත් කළ බවද ඔහු කීය.

ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(14) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

Read more

Local News