Tuesday, March 19, 2024.

කථානායක ජනපතිගේ මතකය අලුත් කරයි

Share

නොවැම්බර් 26 වෙනිදා ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ක්‍රියා මාර්ගයන් හේතුවෙන් රට දැඩි අස්ථාවරභාවයකට පත් වෙමින් පවතින බවත් දිගුකාලින දේශපාලන දිවිය තුලින් ජනාධිපතිවරයා පෞද්ගලිකව උපයාගත් ගෞරවයද අද සිඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බව කතානායක කරු ජයසුරිය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් දන්වා තිබෙනවා.

මෙහිදී කතානායකවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ දැනට ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර අනවශ්‍ය ගැටුමක් මේ බන විට නිර්මාණය වී ඇති බවයි.

ආර්ථිකය, ජන ජීවිතය, සංචාරකයින්ගේ පැමිණීම සහ අන්තර්ජාතිකව ශ්‍රී ලංකාව ලබා තිබු කිර්තිනාමයද මේ හේතුවෙන් දැඩි හානියකට ලක්ව ඇති බව කතානායකවරයා සිය ලිපියේ සදහන් කර ඇත.

තමන්ට කතානායකවරයා වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම මතක් කරදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට මෙහිදී තමන් ස්තුතිවන්ත බන බවත් මන්ත්‍රිවරුන් 122 දෙනෙකු වෙනුවෙන් පෙනී සිටීම පක්ෂග්‍රාහීවීමක් නොවන බවත් එය ප්‍රජාතන්ත්‍රවාදිව බහුතරයට කන්දීමක් බවයි මෙහිදී කරු ජයසුරිය මහතා ප්‍රකාශ කර ඇත්තේ.

ඒ සමග 2015 වසරේ තමන් කතානායකවරයා ලෙස තමන් තෝරා පත්කර ගැනීමෙන් පසු කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයේ මුලස්ථානය වන සිරිකොතට හෝ පය නොතැබූ බවත් පක්ෂයේ කිසිදු දේකට සහභාගී නොවූ බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව කතානායකවරයා සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට දන්වා යවා තිබෙනවා.

Read more

Local News