පාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරිත්වයට කථානායක වගකිව යුතුයි

Share

කථානායකවරයා අද (15) පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයට වගකිව යුතු බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද(15) පාර්ලිමේන්තු සංකීරණයේදී අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තුව සභා ගර්භය තුළ නොසන්සුන්කාරී තත්ත්වය ඇති වූයේ කථානායකවරා පුටුවේ රැදී සිටීම හේතුවෙන් බව ඒ මහතා පෙන්වා දුන්නේය

කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව කල් දමා  කථානායක අසුනෙන් ඉවත්ව ගියේ නම් මෙවැනි තත්ත්වයක ඇති නොවන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News