ගාමිණී සෙනරත්ගේ නඩුව අාරම්භ වෙයි

Share

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය අද(15) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ආරම්භ කෙරුණි.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නඩුවේ සිව්වන සාක්ෂිකරු ලෙස නම් කර සිටින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්තිද්‍රස්ස මහතාගෙන් සාක්ෂි සටහන් කරගැනීම අද සිදු කර ඇත.

2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් පෞද්ගලික සමාගමක යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ.

Read more

Local News