තෙල් පහකින් බසියි

Share

පෙට්ට්‍රල් හා ඩීසල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5 කින් අඩු කරන බව ඛණිජ තෙල් හා කම්කරු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

ඒ අනුව පෙට්‍රල් 92, පෙට්‍රල් 95, ඔටෝ ඩීසල් , සුපර් ඩීසල් මිල ගණන් මෙලෙස අඩු වේ.

Read more

Local News