රෝහල් ගත කරපු දිලුම්ට ශල්‍යකර්මයක්

Share

මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී අද (15) පෙරවරුවේ ශල්‍යකර්මයක් සිදුකර තිබේ.

දිලුම් අමුණුගම මහතාගේ ඇඟිල්ලකට සහ අතක අල්ලට තුවාල සිදුව තිබූ අතර ඇඟිල්ලේ ස්නායු වලට හානි වී තිබූ බවද ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පැවසීය.

ඒ අනුව මන්ත්‍රීවරයා අද සුළු ශල්‍යකර්මයකට ලක්කළ බවද ඔහුට පැය කිහිපයකින් රෝහලෙන් පිටව යා හැකි බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.

Read more

Local News