මරන්න සිටි සිරකරු දඬුවම ක්‍රියාත්මක කරන්න කලින් මරලා

Share

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළදී මරණ දණ්ඩනය නියම වී සිටි සිරකරුවන් දෙදෙනෙකු එක්ව මරණ දණ්ඩනය හිමිවී සිටි වෙනත් සිරකරුවෙකු කළුගලකින් ගසා ඝාතනය කර තිබේ.

මෙම ඝාතනය අද(16) දහවල් 12.30 පමණ සිදුකර ඇති අතර, මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී මරණ දණ්ඩනය නියමවී සිටි මේනක සංජීව නමැති වයස වුරුදු 39ක් වන පුද්ගලයෙකි.

මෙම ඝාතනය සිදුකල දෙදෙනාද මරණ දණ්ඩනය නියම වී සිටි නිමල් හා මෙන්ඩිස් යන අය බව බන්ධනාගාරය නිලධාරියෙකු පැවසීය.

මේ සම්බන්ධයෙන් අඟුණකොළපැලැස්ස පොලිසිය හා එක්ව පොලිස් පරීක්ෂණයක්ද සිදුකරමින් තිබේ.

Read more

Local News