ලක්ෂ 12කට අධික මත්පෙති සමඟ 3ක් දැලේ

Share

මිනුවන්ගොඩ පොලීස් වසමේ මිනුවන්ගොඩ නගරයේදී ට්‍රැමඩෝල් (ඇපල්) වර්ගයේ මත්පෙති 4008 ක් සන්තකගේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් වයස අවුරුදු 22ක් 48ක් හා 37ක් වන රාගම හා කොටුගොඩ
ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

මෙම  අත්අඩංගුවට ගත් මත්පෙති වල වටිනාකම රුපියල් ලක්ෂ 12කට අධික වන අතර සැකකරුවන් අද(17) දින මිනුවන්ගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News