දෙවන තරඟයේ ජයත් එංගලන්තයට

Share

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ අද(18) අවසන් දිනයයි.

ලකුණු 301 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශී‍්‍ර ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් ඊයේ(17) සිව්වන දිනය අවසන් කරන විට කඩුළු 7 ක් දැවී ලකුණු 226 ක් ලබා සිටියේය.

තරඟයේ එක් දිනක් ඉතිරිව තිබියදී කඩුලූ 3 ක් අතැතිව ශ්‍රී ලංකා පිල එංගලන්තයට වඩා ලකුණු 74 ක් පිටුපසින් සිටියදී අද තරඟය ආරම්භ කළේය.

නමුත් සියලු ක්‍රිඩකයින් දැවී ශී‍්‍ර ලංකා කණ්ඩායමට රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණු 243ක් පමණි.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 57ක ජයක් ලබා ගැනිමට හැකි විය.

Read more

Local News