අගමැතිගේ උපන්දිනයට අභයාරාමයේ පිංකමක්

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් අද  (18) දින සංවිධානය කළ කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

එම අවස්ථාවට මහින්ද රාජපක්ෂ මහතා සහ එතුමාගේ ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙන්ම ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.

පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි එම අවස්ථාවට එක්වෙමින් අනුශාසනා කළේ රට ඉදිරියට ගෙනයාම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට තවදුරටත් ශක්තිය සහ ධෛර්ය ප්‍රාර්ථනා කරන බවයි.

Read more

Local News