වත්මන් පාර්ලිමේන්තුව නාඩගම් මඩුවකට සමානයි – අගමැති

Share

වත්මන් පාර්ලිමේන්තුව නාඩගම් මඩුවකට සමාන වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.

ඒ මහතා මේ බව පැවසුවේ වීරකැටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගිවෙම්නි.

මෙහිදි වැඩ්දුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා පැවසුවේ “අද පාර්ලිමේන්තුව නාඩගම් මඩුවකට සමානයි. නමුත් අපි ආණ්ඩුව ගෙනියනවා. දාලා දුවන්නේ නෑ. නීත්‍යානුකූලව විශ්වාසභංග යෝජනාවක් සම්මත කරගත්තෝත් එදාට මේක දීලා යන්න අපි සූදානම්. හැබැයි බලහත්කාරයෙන් අපහාසාත්මකව ඒක කළොත් ඒක ලේසි වෙන්නේ නෑ අපිව එළවන්න.

ජනාධිපතිවරයාට විතරයි මාව එහාට මෙහාට කරන්න පුළුවන්. අපි ඉදිරියේදීත් ජනතාවට සහන දෙනවා. ජනතාව මේ පීඩනයෙන් මුදවාගත යුතුයි. ඊට පස්සේ අපි සංවර්ධනය කිරීමට පියවර ගන්නවා.” බවයි.

Read more

Local News