මැතිවරණයක් පවත්වන ලෙස ආගමික නායකයින් ඉල්ලයි

Share

වත්මන් දේශපාලන අර්බුදය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය මැතිවරණයක් පැවැත්වීම බව ඊයේ(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සර්ව ආගමික නායකයින් මේ බව සඳහන් කළේය.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා සමස්ථ ලංකා බෞද්ධ සම්මේලනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ  උත්තරීතර මහා නායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් සහ අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමි වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළේය

එම මාධ්‍ය හමුවට එක්වූ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අදහස් පළ කරමින් සඳහන් කළේ අර්බුදය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය මැතිවරණය් පැවැත්වීම බවයි.

Read more

Local News