අපරාධ වාර්තාකරණයේ දී මාධ්‍ය ඇවතුම් පැවතුම් පිළිබඳ යම් ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාව තිබෙනවා

Share

අපරාධ වාර්තාකරණයේ දී අනුගමනය කළ යුතු මාධ්‍ය ඇවතුම් පැවතුම් පිළිබඳ යම් ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාවය පිළිගන්නා බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (10) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
විශේෂයෙන් වාර්තාකරණය පිළිබඳව පුහුණුවක් ද ලබාදිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. වසර 2013 සිට 2016 දක්වා මාතර දිස්ත්‍රික්කයේ බල අපරාධ සංඛ්‍යාව 2013 වසර 1315ක්, 2014 වසර 1232ක් 2015 වසර 1072ක් සහ 2016 වසර 991ක් වෙයි. ඉකුත් පාලන සමය හා සසදන විට බල අපරාධ සියයට 19%ක් පමණ අඩුවීමක් පෙන්නුම් කරන බවද අමාත්‍යවරයා කීය.
මීට අමතරව රජය විසින් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයක් පිහිටුවීම සඳහා යෝජනා කර තිබෙන බවත් අමාත්‍යවරයා පැවසී ය. පාතාලය හිස එසවීම වැළැක්වීමටත් මත්ද්‍රව්‍ය මැඩලීමටත් රජයක් ලෙස වගකීමෙන් කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

Read more

Local News