උඩුවේ හිමිගේ නඩු විභාගය 5 වනදා

Share

බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත්තේ ඇයි චෝදනා එල්ල කරමින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 05 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව මීට පෙර කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා ඉදිරියේ විභාග කර තිබුණි.
එහෙත් අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු  ඒ.කේ.පටබැඳි මහතා සඳහන් කර සිටියේ මෙම නඩුව තවදුරටත් හිටපු විනිසුරු විජයරත්න මහතා ඉදිරියේ විභාග කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
ඒ අනුව වැඩිදුර විභාගය ලබන 05 දක්වා කල් තබන බවද විනිසුරුවරයා සඳහන් කර සිටියේය.
2015 වසරේ ජනවාරි මස 27 වනදා කිරුලපන, ඇලන් මැතිනියාරාම විහාරස්ථානය තුළ බලපත්‍රයක් නොමැතිව අලිපැටවකු සන්තකයේ තබාගෙන සිටීම තුළින් පොදු දේපල පනත සහ වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

Read more

Local News