තවදුරටත් අර්ජුනගේ ආරක්ෂක නිලධාරීයා රිමාන්ඩ්

Share

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා තවදුරටත් ලබන 23 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදී එම සිද්ධියෙන් මියගිය පුද්ගලයින්ට අදාල මරණ පරීක්ෂණයේදී සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරුණු අතර වැඩිදුර සාක්ෂි සටන් කර ගැනීමත් ලබන 23 දා දක්වා කල් තැබ්ණි.

අනතුරුව ඇමැති ආරක්ෂක අංශයට අයත් සැකකාර පොලිස් සැරයන්වරයා ලබන 23 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට ද මහේස්ත්‍රාත්වරිය නියම කළේය.

එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද මහේස්ත්‍රාත්වරිය පොලීසියට දැනුම් දෙනු ලැබිය.

Read more

Local News