රටේ සංවර්ධන ගැටළු විසදා ගැනීමට තාක්ෂණික සහය අවශ්‍යයි – ජනපති

Share

මෙරට ආර්ථික සහ සංවර්ධන ගැටළු විසදා ගැනීමේදී විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ ක්ෂේත්‍රයේ සහය මීට වඩා රජයට අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අංශ සඳහා  වාර්ෂිකව අය වැයෙන් වෙන් කරන මුදල මීට වඩා ඉහළ නැංවීම අත්‍යාවශ්‍ය යන ප්‍රතිපත්තීමය තීන්දුව තමන් පැහැදිළිව පිලිගන්නා බව ජනපතිවරයා වැඩ්දුරටත් පෙන්වා දෙනු ලැබිය.

ඒ සඳහා ඉදිරියේදී රාජ්‍ය භාණ්ඩාගාරයට සහ රජයේ ආර්ථික විශේෂඥයින්ට උපදෙස් ලබා දෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

දේශීයව  වැදගත් වන විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම සඳහා විද්‍යාඥයින්, පර්යේෂකයින්  සහ තාක්ෂණඥයින් දිරිගැන්වීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විද්‍යාත්මක පර්යේෂණ සඳහා වූ ජනාධිපති සම්මාන උළෙල අද  පෙරවරුවේඅමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News