එජාපෙ පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද

Share

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද(20) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා සඳහන් කළේ, පෙරවරු 9.30ට අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මේ සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින්ට ආරාධනා කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

Read more

Local News