මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් – අයෙක්ට බරපතල තුවාල

Share

ඊයේ(20) දහවල් යාපනය, කන්කසන්තුරය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බවට වාර්තා වෙයි.

පොලීසිය පැවසූවේ යාපනය කන්දර්මඩම ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා මෝටර් රථය ධාවනය කිරීමට යාමේදී කාර් රථය දුම්රියේ ගැටී ඇති බවයි.

මෙම අනතුරින් යාපනය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුවි ඇත. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News