ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් බිඳ වැටෙයි

Share

ෆේස්බුක් සමාජ ජාල අඩවිය හා ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල අඩවිය ඊයේ (20) ලොව පුරා බිදවැටිමකට ලක් විය.

මේ බිදවැටීම හේතුවෙන් ලොව පුරා සිටින මිලියන ගණනක් වූ එම සමාජ ජාල අඩවි භාවිතා කරන සාමාජිකයන් ඔවුන්ගේ එම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගිණුම් වලට පිවිසීමට නොහැකි වී සිටි බව වාර්තා වේ.

මෙම තත්ත්වයට වැඩි වශයෙන් මුහුණපා ඇත්තේ යුරෝපය,දකුණු අප්‍රිකාව,ඔස්ට්‍රේලියාව වැනි රටවල්හි වාසය කරන ෆේස්බුක් සමාජ ජාල පරිශිලකයන් බව පැවසේ.

මේ වන විට යම්තාක් දුරකට ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් බිදවැටීම ෆේස්බුක් ආයතනය මගින් යතාතත්ත්වයට පත්කොට ඇති අතර එහෙත් තවමත් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන අඩවි ඉතාමත් මන්දගාමී තත්ත්වයක පවතියි.

මෙසේ ෆේස්බුක් බිදවැටීම නිසා එම අඩවිය මන්දගාමී තත්වයට පත්වීම සමහර ශ්‍රී ලාංකිකයන්“ෆේස්බුක් තහනම්” ක්‍රියාවක්දැයි සැක පල කරයි.

මේ අතර මෙලෙස ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් යන සමාජ ජාල අඩවි බිදවැටීමත් සමගම යම් යම් පිරිස් “ශ්‍රී ලංකාවට ෆේස්බුක් තහනමක්” නමින් අසත්‍ය ප්‍රචාර පතුරාලීමේ හැකියාවක් පවතින අතර මෙවැනි ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිවර්තන සමූහය (ෆේස්බුක්) නිවේදනයක් නිකුක් කරමින් සාමාන්‍ය ජනයාගෙන් ඉල්ලා සිටියි.

මෙම බිදවැටීම හා මන්දගාමී වීම ෆේස්බුක් ආයතනයෙහි හටගත් කාර්මික දෝෂයක් නිසා සිදුවූවක් බව ඔවුන් ජනතාවට අවධාරණය කරයි.

Read more

Local News