දෙමළ ජනතාවට දෙයක් ලැබෙන්නේ ජාත්‍යන්තර මැදිහත්වීමකින් පමණයි

Share

පාර්ලිමේන්තුවේ බලය රැක ගැනීමට පමණක් ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙමළ දේශපාලන පක්ෂවල සහය ලබා ගන්නා බවට උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් චෝදනා කරයි.

එම පාර්ශව උතුරු නැගෙනහිර පළාත් වල ගැටලූ විසඳීමට යාමේදී දෙමළ ප‍්‍රජාව සුළුතර ජාතියක් සේ සලකන බව යාපනයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් ඔහු කියා සිටියේය.

බලයට පත්වන රජයකින් දෙමළ ජනතාවට යම් දෙයක් ලැබෙන්නේ ජාත්‍යන්තර මැදිහත්වීමකින් පමණක් බව මෙහිදී ප‍්‍රකාශ කෙරිණි.

ජාත්‍යන්තර නියෝජිතයින් මැදිහත් නොවන්නට උතුරු නැගෙනහිර දෙමළ වැසියන්ට කිසිඳු සහනයක් නොලැබෙන බවද උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් කියා සිටියේය.

Read more

Local News