ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර උත්සව ශාලාවක පැවති මිලාද් උන් නබි සැමරුමකට ඊයේ(20) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවිය.
මෙම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 50 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 80කට අධික බව විදෙස් මාධ්‍ය පවසයි.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ශාලාව තුළ ඉස්ලාම් පූජකවරුවන් දහසක් පමණ සිට ඇති බව විදෙස් වාර්ථාවල සඳහන්ය.
තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවෙන බව සඳහන්ය.
එය මෑත කාලයේදී කාබුල් නගරයට එල්ලවූ දරුණුම ප්‍රහාර වලින් එකක් බවත් සඳහන් වෙයි.