චන්දිමාල්ට 03වන ටෙස්ට් තරඟය අහිමි වෙයි

Share

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම නිසා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එංගලන්තය සමඟ පැවැත්වෙන 03වන ටෙස්ට් තරඟය අහිමිවී යන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙරට අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරඟයේදී දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්විය.

මේ හේතුවෙන් එංගලන්තය සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟය ද ඔහුට අහිමිවී ගියේය.

තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ තුන්වන ටෙස්ට් තරඟය ලබන 23 වනදා කොළඹ දී ආරම්භ වේ.

Read more

Local News