ලිංගික අතරවර ප්‍රශ්නයක් නිසා ප්‍රීටි සින්ටාට විවේචන

Share

බොලිවුඩයේ ජනප්‍රිය තාරකාවක වන ප්‍රීටි සින්ටා #MeToo ව්‍යාපාරය පිළිබඳව සිදු කළ අදහස් දැක්වීමක් නිසා සමාජ මාධ්‍ය හරහා ඇයට දැඩි විවේචන එල්ල වී ඇත.

මෙම මතභේදයට තුඩු දෙන අදහස් ඇය පළ කර තිබුණේ, බොලිවුඩයේ තොරතුරු පළ කෙරෙන වෙබ් අඩවියක් සමග පැවති සංවාදයකට එක් වෙමිනි.

මෙම සංවාදයේදී ඇය අතවරයකට ලක්ව තිබේදැයි ඇසු ප්‍රශ්නයකට ඇය සිනාසී පිළිතුරු දී ඇත්තේ “නෑ. මට එවැනි අත්දැකීමක් නෑ. එහෙම දෙයක් තිබුණ නම් ඔබට පිළිතුරක් දෙන්න තිබුණා,” යනුවෙනි.

එමෙන්ම මෙහිදී , “මිනිස්සු ඔබට සලකන්නේ ඔබ කැමති ආකාරයටයි,” යනුවෙන්ද ඇය වැඩිදුරටත් පවසා තිබුණි.

මෙම ප්‍රකාශයත් සමග මෙම සංවාදය සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වීමත් සමගම ඇය “වින්දිතයින්ට නින්දා කිරීමක්” සිදු කර ඇති බවට දැඩි විවේචන එල්ල වී ඇත.

මේ විවේචනවලට ප්‍රතිචාර දක්වමින් ප්‍රීටි සින්ටා ට්විටර් පණිවුඩයක් මගින් පවසා තිබුණේ, තමන් පළ කළ අදහස් වැරදි ලෙස සංස්කරණය කර ඇති බවය.

#MeToo ව්‍යාපාරය මීට වසරකට පමණ පෙර හොලිවුඩයේදී ඇරඹුණු අතර තමන් මුහුණ දුන් ලිංගික අතවර සම්බන්ධයෙන් දහස් ගණනක් කාන්තාවන් මේ හරහා අදහස් දක්වා තිබිණි.

ජනප්‍රිය බොලිවුඩ් නලුවකු වන නානා පටේකාර් තමන්ට අතවරයක් කළ බවටට නුශ්‍රී දත්තා 2018 සැප්තැම්බරයේදී හෙළි කිරීමත් සමග ඉන්දියාව තුළ #MeToo ව්‍යාපාරය ආරම්භ විය.

පසුගිය මාස කිහිපය තුළ #MeToo ව්‍යාපාරය ඉන්දියාව තුළ දැඩි අවධානයට ලක්විය. ඒ #MeToo හරහා බොලිවුඩයේ නළුවන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් මාධ්‍යවේදීන් සහ ලේඛකයින්ට ලිංගික අතවර චෝදනා එල්ල වීම හේතුවෙනි.

Read more

Local News