අතුරු සම්මත ගිණුමකට අවසර

Share

මුදල් අමාත්‍යවරයාට අද (21) දින 2019 වසර සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන තෙක් අතුරු සම්මත ගිණුමක් සැකසීමට කැබිනට් අවසරය ලබාදුන් බව ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය..

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේ අතුරු සම්මත ගිණුමක් අනුමත වූ පසු ඒකාබද්ධ අරමුදලෙන් වියදම් දැරීමේදී කිසිඳු ගැටළුවක් මතු නොවන බවයි.

Read more

Local News